මහා චත්තාරීසක සූත්‍රය මෙනෙහි කිරීම - ලෞකික/ලෝකෝත්තරආර්‍ය අෂ්ඨාංගික මාර්ගය

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024
  • ලෞකික/ලෝකෝත්තරආර්‍ය අෂ්ඨාංගික මාර්ගය
    ලෞකික සම්‍යක් දෘෂ්ටිය කුමක්ද? , මම සම්‍යක්දෘෂ්ටියද දෙපරිදිකොට කියමි. ආශ්‍රව සහිතවූ කුශලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇති සම්‍යක් දෘෂ්ටිතොමෝ කවරීද? ‘1. දුන් දැයෙහි විපාක ඇත. 2. මහාදානයෙහි විපාක ඇත. 3. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. 4. කුශලා කුශලයන්ගේ විපාක ඇත. 5. මෙලෝ ඇත. 6. පරලෝ ඇත. 7. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ කටයුතුවල විපාක ඇත. 8. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. 9. චුතව උපදින සත්වයෝ ඇත. 10. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේම විශෙෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරද්ද, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත.’ මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.
    නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තර මාර්ගාංගයක්වූ ලෝකොත්තර සම්‍යක් දෘෂ්ටිය කුමක්ද? 1. ආර්ය්‍යවූ චිත්තයෙන්, 2. ආශ්‍රවරහිත චිත්තයෙන්, 3. ආර්‍ය්‍යමාර්ගයෙන් යුක්තවූවහුගේ, 4. ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ යම් ප්‍රඥාවක් වන්නීද, ප්‍රඥෙන්ද්‍රියයක් වේද, ප්‍රඥාබලයක් වේද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් වේද, සම්‍යක් දෘෂ්ටියක් වේද, මාර්ගාංගයක් වේද, මේ නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තරවූ මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියයි.
    භාවිත කායා = සම්මා කම්මන්ත ( සතුන් මැරීමෙන් , සොරකම් කිරීමෙන් , කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම ) , සම්මා ආජීව (අයහපත් ජීවිකාවෙන් වෙන්වීම )
    භාවිත සීලා = සම්මා වාචා (මුසාවාදයෙන්, පරුසාවාචයෙන්, පිසුනා වාචයෙන් , සම්ප්‍රප්පලාපයෙන් වෙන්වීම ), සම්මා වායාම ( කාම ව්යාපාද විහිංසා විතක්ක ඇතිනොවීමට, ලෝභ දෝස මෝහ දුරුකිරීමට, මගඵල චිත්තයන් ඇතිකර ගැනීමට ,
    මගඵල චිත්තයන් පවත්වා ගැනීමට වීර්යය )
    භාවිත චිත්තා = සම්මා සංකප්ප (නෙක්කම්ම , අව්‍යාපාද , අවිහිංසා විතක්ක ),
    සම්මා සමාධි (ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කරුනු හත සහිත සිතේ එකගතාවය )
    භාවිත ප්‍රඥා = සම්මා දිට්ටි (චතුරාර්යසත්ය (දුක්ඛ සත්‍යය , සමුදය සත්‍යය , නිරෝධ සත්‍යය , නිරෝධ මාර්ග සත්‍යය) පිලිබඳ ඥානය) , සම්මා සති (විරියට පමානොවීමට සිහිය , සතර සතිපට්ටානය )
    pitaka.lk/main...

КОМЕНТАРІ •