Chariot path (රාවනාගෙ කරත්ත පාර)
Вставка
- Опубліковано 28 лис 2024
- රාවණාගෙ කරත්ත පාර හෙවත් සුන්දර චැරියට් පාත්.
යන මඟ
පුස්සැල්ලාව - පෙරට්ටාසි පාර -පෝටෝෆ් රෝහල
නමින් චැරියට් පාත් - Chariot Path, රාවණාගේ කරත්ත පාර ලෙසද හදුන්වයි. (රාවනා සීතා කුමාරිට ලස්සන පෙන්නපු තොටුපොල). මෙය මුහුදු මට්ටමේ ඉදන් 2000-2200m අතර තමයි පිහිටලා තියෙන්නේ.
නුවරඑළිය සිට 34km පුස්සැල්ලාවට 2km මෙහයින් ඩෙල්ෆ් වතු යාය හරහා තියෙනවා හොදම පාර එතන ඉදන් පෙරට්ටාසි වලට 17km වගේ තියෙනවා ඒ පාර තමා හොදම.
තවත් පාරක් තියෙනවා නුවරඑළිය ඉදන් එනකොට 14km විතර රම්බොඩ පැත්තට ඒ පාරනම් හොදටම අබලන් පඩි පෙලක ගියා වගේ බයික් වලින් ලගම පාර උනත් බයික් එකක යන්නවත් බැරි තරමට අබලන් මේ පාරවල් දෙකම එකම පාරට වැටෙන්නේ.
බස් එකෙ යනව නම් රෑ 12ට ගම්පල හරහා නුවරඑළිය ,පුළුදුඔය, පස්සර ,වැලිමඩ යන බස් තියනව කොටුවෙන්. පාන්දර 5 වගෙ වෙනකොට පුස්සැල්ලාවට යන්න පුළුවන් කොටුවෙ ඉදන් පුස්සැල්ලාවට රු.850ක් වෙනව . උදේ 7ට පෙරට්ටාසි බස් එක තියනවා ටව්න් එකෙන්. හැබැයි මෙක පෝය දවසට නෑ. ආයිත් බස් එක පුස්සැල්ලාවෙන් තියෙන්නෙ 10ට . ඒකට රු.260 ක් වගෙ යනවා.උදේම තියන බස් එකේම යනව නම් හොදයි. මතක් කරල ගන්න හැමදේම පුස්සැල්ලාව ටව්න් එකෙන් ගන්න.පෙරට්ටාසි වල කඩ අඩුයි එ වගෙම අපි හිතන ජාති ලොකුවට මොකුත් නෑ එහෙ.ඉතින් පෙරට්ටාසි බස් එකෙ ගිහින් අන්තිමට නවත්තන තැනින් බහින්න. එතන පාර 2ට බෙදෙනවා එකක් පරන හොස්පිට්ල් එක පැත්තට අනික ලයිම තේ වතු පැත්තට කොන්ක්‍රීට් පාර. එකෙ ගියොත් ලයිම හරහා යන්න වෙන්නෙ. ඉතින් මේ පාර ටිකක් කේස් කිව්වා ගමේම අය . කට්ටිය එනවට අකමැති නිසා එයාලා යන්න දෙන් නෑ කියල එයාලා කිව්වා. පස්සෙ අපි අනික් පාර තෝර ගත්තා. වාහනේක යනව නම් ඒත් අන්තිම තැනට ඇවිත් පරන හොස්පිටල් එක ලග වාහන දාලා, එතන ඉදන් පහලට බැහැල තේ වත්ත මැදින් ඉහලට පාර තියෙනවා. එක ඉවර වෙන තැනින් දකුනට හැරිලා දිගටම ඉස්සරහට යන්කොට පාර 3කට බෙදෙනවා එතනින් මැද පාරෙ ඉස්සරහටම යන්න එහෙම තේ වත්ත දිගෙ ඉස්සරහට යනකොට කෑලෑව පේනව..එතනින් දකුනු පැත්තට පුංචි අඩි පාර දිගෙ ඉහලට යන්න. එතකොට කැලේට යන්න පුළුවන් අඩිපාර එක්ක බෝඩ් එක පේනවා.ඒ අඩිපාර දිගේ කෙලින්ම පැය 2ක් වගේ ඉස්සරහට යන්න.ගස් අස්සෙන් අඩිපාරෙ පොඩි හයික් එකක් තියෙන්නෙ.තැන්නට වැටෙනකම් ඉස්සරහට යන්න.ඊට පස්සෙ තැන්න දිගෙ ඉස්සරහට යන්න තියෙන්නෙ. හොස්පිට්ල් එක ලග ඉදන් බව්වෙක් ඉනවා ආන්න එය හරියටමපාර පෙන්නනවා.
මේ දවස් වල , 7°Cත් අඩුයි අපි ගිය දවසෙ.හරිම අමාරු උනා සීතල දරාගන්න. වැස්සෙන් බේරෙන්න ඕන අඩුම කුඩුම ටික මත ඇතුව අරං යන්න. සීතල හොදටම වැඩී. හුළග තද නිසා ලෑස්ති පිට යන්න. නුවරඑළිය සීතලම ස්ථානය කියලත් කියනවා.ඉක්මනට වෙනස් වන කාලගුනයක් තියෙන්නේ .වතුර ගැන බය වෙන්න දෙයක් නෑ. තැන්න හරහා පොඩි දොල පාරක් තියෙනවා.ඒක හොයාගන්න තමා අමාරුම උනේ . සාමාන්‍ය දවසට නම් මේ දොලපාරෙ සද්දෙ ඇහෙනව. පුදුම ලස්සනක් .එක අමුතුම එකක්
චැරියට් පාත් යන ඔයාලට මුලින් දවසේ චැරියට් ගිහින් පහුවදා උදේ 10 බස් එකේ එන්න උඩින් 8ට වත් පිටත් උනා නම් ඉස්කෝලෙ ලගින් බැහැලා ගැරඩිගිනි ඇල්ල බලාගන රම්බොඩ ඇල්ල බලාගන එහෙම්ම නුවරඑළිය පාරෙන් බස් එක අරන් ගෙදර එන්න පුළුවන්.අපි නම් ගියේ නෑ.
මුහුදු මට්ටමේ සිට මීටර් 2100කට වඩා උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම කඳුවැටිය පිහිටා ඇත. එය රාවණාගේ රථය ගමන් කළ මාර්ගය යන අරුතින් 'චැරියට් පාත්’ ලෙසද හඳුන්වන අතර ගැමියන් එය හඳුන්වන්නේ ‘පිට්ටනි’ යනුවෙනි. මෙම සුන්දර භූමිය සොයා යාම ආරම්භ වන්නේ පුස්සැල්ලාව ෆ්ලෝරෝටොෆ්ට් වත්තෙනි. මේක පුද්ගලික වත්තක්. කඳුකර වනාන්තරයක් මැදින් දිවෙන අඩිපාරේ යාමට දුෂ්කර මංපෙත් කිහිපයක් තිබේ.
රාවණා රජවරුන්ගේ ඉතිහාසයේ ලංකාපුර අගනුවර සිට සීතා දේවිය රැගෙන අශෝක විතාක නම් ස්ථානයට වැඩම කළ ඔහු මේ කාලය තුළදී මෙම ස්ථානය හරහා තම වාහනය පදවාගෙන ගොස් මෙම ස්ථානය නිර්මාණය වූ බව පැවසේ. රාවණාගේ කරත්ත පාර තණකොළ මත ඉතා අලංකාර ලෙස පින්තාරු කර ඇත.ඒ වගේම පිදුරුතලාගල රක්ෂිතයේ එක අන්තයක්. මහවැලි ගඟට දියවර සපයන ජල උල්පත් පිරුන සොබාදහම් මෑණියන්ගේ දිව්‍යලෝකයක්. ගැරඩි, රම්බොඩ, දෙවතුරා ඇල්ලේ වගේම මහවැලි යෝජනා ක්‍රමයේ කොත්මලේ ජලාශයේ ජාල පෝෂක ප්‍රදේශයක්.
කදු මුදුනට /පතනට ආවම ඔයාලට එක පැත්තකින් රිකිල්ලගස්කඩ, හගුරන්කෙත, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැබේ ජලාශ වගේම කොත්මලා ජලාශයත් බලන්න පුළුවන්. ඒ වගේම කුකුලාගල, පිදුරුතලාගල, කිකිලියාමන, මොනරකන්ද දොළොස්බාගේ, අලගල්ල, සිරිපාදේ කදු බොහොමයක් ,ග්‍රේට් වෙස්ටර්න් වගේ කදු බොහොමයක් දැක බලාගන්න පුළුවන්. තවත් කියනවනම් තෙත් පතන කලාපයේ තියෙන ශාක ප්‍රජාව, ජෛව විවිදත්වය හරිම ලස්සනට බලාගන්න පුළුවන් තැනක් තමයි චැරියට් පාත් කියන්නේ.
මෙ ගමනට මමත් සමග සහභාගී වූ හැමෝටම ස්තුතියි.
Exploring journey.
සුපිරි. ජය වේවා....❤❤❤
@@sasithachamod74 ✌️✌️
Keep it up ❤🎉
@@HirushaSehan-dh4kx ✌️✌️
❤
@@cncfood2459 ✌️✌️✌️
❤ 😍💥
✌️✌️
Godak dewal igana gaththa
@@miliduvisal4249 ✌️✌️
Keep rock boy’s always support for you ❤️❤️❤️🤟
@@SujithRuby-d2z ✌️✌️
Gammak thamai❤❤❤❤
✌️✌️
🎉🎉🎉🎉niyamai.....
@@sellathuraigobinath538 ✌️✌️
Bohom sthuthi
@@miliduvisal4249 ✌️✌️
Gemak ghmu😊
✌️✌️
Supiri❤
✌️✌️
අවසර ගන්න ඕනද දැන් ?
@@CurioVerse02 yanna thahanam
@@CurioVerse02 awasara ganna ona
@@samanpadmakumara9105ඔයාල ගත්තේ නෑනෙ. 🤔
@CurioVerse02 api nam gatte nea. Habai ahu wunot geniyama badu mokuth hambenne nea.
@@CurioVerse02 laksha dekak wenakan dada gahanawa