3. සංඝානුස්සති භාවනාව - Ven. Hasalska Seelawimala Thero.

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • 3. සංඝානුස්සති භාවනාව
    පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්,
    නාවින්න රජ මහා විහාරයේ පැවැත්වෙන,"ධම්මානුපස්සනා"
    දේශනා ආරම්භයේදී සිදුකෙරෙන භාවනා කර්මස්ථාන - සංඝානුස්සති භාවනාව.
    ~ සංඝානුස්සති භාවනාව ~
    ** භාවනා කර්මස්ථානය සඳහා භාවිතා කල සඟ ගුණ කවි **
    රාග ද්වේශ මෝහ නසන දහම් ඉගෙන ගන්නේ
    දහමට විනයට අනුවම බඹසර සුරකින්නේ
    බුදු සසුනට ඇතුළු වෙලා සිවුරු දරාගන්නේ
    ඒ ස්‍රාවක සඟරුවනද සුපටිපන්න වන්නේ
    සාදු සාදු මම සම්බුදු සඟගණ නමදින්නේ
    අන්ත දෙකම බැහැර කෙරුව නිවන් මඟෙගි යන්නේ
    සිල් සමාධි නුවණ සපිරි අටඟින් යුතු වන්නේ
    සසරින් එතෙරට ගෙනයන ඍජුමඟ වඩිමින්නේ
    උජුපටිපන්නයි සඟ ගුණ සිත පහදා ගන්නේ
    සාදු සාදු මම සම්බුදු සඟගණ නමදින්නේ
    අවිඳු අඳුර දුරුකරවන විදසුන් වඩමින්නේ
    චතුරාර්ය සත්‍යය වෙත සිත යොමු කරමින්නේ
    ඒ ආර්ය සඟ ගුණයට සිත පහදාගන්නේ
    ඥාය පටිපන්න සඟ ගුණ නුවණින් බබලන්නේ
    සාදු සාදු මම ශ්‍රාවක සඟගණ නමදින්නේ
    අවබෝධය සලසාගෙන නිවන් මඟෙහි යන්නේ
    ජීවිතයේ ඇති තතු ගැන අවබෝධය දෙන්නේ
    උතුම් නිවන් මඟ් මතුවන බුදු බණ දෙසමින්නේ
    සාමීචිපටිපන්න ගුණ නුවණින් බබලන්නේ
    සාදු සාදු මම සම්බුදු ශ්‍රාවක නමදින්නේ
    මඟ ඵල පියවර සතරකි යුගල විගස ගන්නේ
    වෙන් වෙන් වශයෙන් ගත්විට අටදෙනෙක්ම වන්නේ
    චතුරාර්ය සත්‍යය දුටු ඒ ශ්‍රාවකයන්නේ
    සරු පිළිවෙත නිසා ලොවේ සසුනයි බබලන්නේ
    සාදු සාදු මම සම්බුදු ශ්‍රාවක නමදින්නේ
    දුරගොස් දන් පිදිය යුතුය ආහුනෙය්‍ය වන්නේ
    ආගන්තුක දන් සුදුසුය පාහුනෙය්‍ය වන්නේ
    පින් සලකා දීම හොඳය දක්ඛිනෙය්‍ය වන්නේ
    අංජලිකරණී ගුණයට සිත් පහදා ගන්නේ
    සාදු සාදු මම සම්බුදු සඟගණ නමදින්නේ
    සිහි නුවණින් යුතුව සොඳින් සිල් පද සුරකින්නේ
    සසරේ උපදින දුක වෙත යන්නට බිය වන්නේ
    අටලෝ දහමට නොසැලෙන දහම කරා යන්නේ
    ලොවට උතුම් පින් කෙතවූ සඟගණ නමදින්නේ
    සාදු සාදු මම සම්බුදු සඟගණ නමදින්නේ.
    සැම හිත සුව පිණිස,
    නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා.
    “චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං”
    ▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
    ▶️ Link: • Playlist
    දායකත්වය සඳහා විමසීම්:
    'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
    ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    යූටියුබ් නාලිකාව: / @hdsl6659
    වයිබර් නාලිකාව: invite.viber.c...
    වට්ස්ඇප් සමූහය: wa.me/message/...
    වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
    විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
    Tel: +94 773 558 666 - +94 712 726 416

КОМЕНТАРІ • 9

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 6 місяців тому +2

    ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 6 місяців тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 6 місяців тому

    Sadu 🙏sadu 🙏sadu 🙏🙏🙏🙏

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 8 місяців тому

    සාදු.සාදු සාදු.ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 4 місяці тому

    ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ කරගෙන උතුම් වූ නිවන් සම්පත්ම ලැබේවා!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg 6 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому

    සාදු!!!!!සාදු!!!!""සාදු!!!!!"

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому

    සාදු!!සාදු!"සාදු!!!