- 17
- 11 500
චානක රුවන්සිරි
Приєднався 11 тра 2020
අව්‍යාජ සිහිනයක ප්‍රඥා පාරමිතාව
දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල | daru Nalavilla hewath Jathika Thotill | එස්. මහින්ද හිමි
සැකසුම- චානක රුවන්සිරි
ගායනය - ගයනි ඖෂධි , චවිනි චමත්කා
ඇස්. මහින්ද හිමි හෝ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන, සිකිම් මහින්ද හිමි යනු, සිකිම් රාජ්‍යයේ උපත ලබා බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වී මහණවූ බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ, කවියෙකු සහ ගත් කතු වරයෙකු වන අතර, සිංහල ජාතික වයාපාරයට සම්බන්ධ වී කටයුතු කර ඇත. උන්වහන්සේ පැමිණ ඇත්තේ සිකිම් වෙතින් වුවද, තමන් ටිබෙට් ජාතික යැයි එතුමන් විසින් පවසන්නට ඇත්තේ, බොහෝ විට ලංකාවේ ටිබෙටය බෙහෙවින් ජනප්‍රියව පැවති නිසා වන්නට ඇත.
තරුණ වියෙහි ලංකාවට (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.
මුල් දිවිය
මධ්‍යම ආසියාවේ හිමාලය කදු වැටියේ සීකිම් (SIKKIM) දේශයට උතුරු සීමාවේ ටිබෙටය නම් බෞද්ධ දේශයේ 1901 ජන්ම ලාභය ලද මහින්ද හිමියන්ට දෙමාපියන් විසින් එස්. කේ. තෂිනම්ගල් ලෙස නම් තබන ලදී. එතුමාගේ පවුල ජීවත්වූයේ සිකිම් හී අගනුවර වන ගංටොක් නුවරය . කුඩා අවධියේම දෙමාපියන් අහිමි වූ තෂිනම්ගසල්ට සොහොයුරන් තිදෙනකු වූ බවට තොරතුරු හමු වේ. ඒ අතර තුන්වන සොයුරු සීකිම් පුණ්‌නජි හිමි නමින් පැවිදිව සිටි අතර කුඩා තෂිනම්ගසල් හට රැකවරණ සැපයූයේ උන්වහන්සේය. වැඩිමල් සොහොයුරා කල්කටා විශ්වවිද්‍යාලයෙහි ටිබෙට් භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කීර්තිමත් සේවයක් කළ අයෙකි. දෙවැනි සොයුරා ටිබෙට් රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ.
සීකිම් පූණ්‌නජි හිමිගේ මිත්‍රයෙකු වූ ජර්මන් ජාතික ඥනාතිලෝක හිමිගේ අවශ්‍යතාව මත සීකිම් පූණ්‌නජි හිමියන්ට ද ලංකාවට වැඩම කිරීමට සිදුවිය. එසේ සීකිම් පුණ්‌නජි හිමියන් හා ජර්මන් ජාතික ඥනාතිලෝක හිමියන් සමගින් කුඩා තෂිනම්ගසල්ට ද ලංකාවට පැමිණීමට සිදුවිය. ඒ 1912 වර්ෂයේය. කුඩා තෂිනම්ගසල් ලංකාවට පැමිණීම සිදුවූයේ ඒ අයුරිනි. දොඩම්දූවේ පොල්ගස්‌දූව ආරාමය මෙම තිදෙනාගේම වාසස්‌ථානය විය. පසුව අධ්‍යාපනය ලැබීමට පුණ්‌නජි හිමියන් සමගින් මරදාන මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ගිය තෂිනම්ගසල් එහිදී සිංහල, පාලි, සංස්‌කෘත ආදි භාෂාද බුදුදහම හා නක්‍ෂත්‍රය වැනි විෂයන් ද ඉගෙන ගත්තේය. පසුව දොඩංදූව ශෛලබිම්බාරාමයේදී තෂිනම්ගසල් පැවිදි භාවයට පත්වන්නේ ටිබෙට් එස්. මහින්ද හිමි නමිනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදිව දොඩංදූවේ වාසය කරන අතර තම සද්ධිවිහාරික දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබෙට් එස්. මහින්ද හිමියන් මහා කවියකු බවට පත්කරන ලද්දේ දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හරුකම් මගිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්‍ෂ කවියෙකි.[1][2]
බෞද්ධ භික්ෂුභාවය සහ ලංකාවේ ජීවිතය
දකුණු ලංකාවේ, පොල්ගස්දූවේ පන්සලක නවාතැන් ගත් සොහොයුරන් දෙදෙන ඥානාලෝක නමැති භික්ෂුවක් යටතේ බුද්ධාගම උගෙන ගත්හ. ඉන්පසු උන්වහන්සේව මරදානේ, විද්‍යෝදය පිරිවෙන වෙත යැවුණු අතර ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා පාසැලකට ඇතුළු කරන ලදි. ඉන් අනතුරුව, පොල්ගස්දූවේ පන්සල වෙත යළි පැමිණි උන්වහන්සේ, සිංහල සහ පාලි භාෂා ඉගෙන ගත්හ. [2] පළමුවන ලෝක යුද්ධය ඇරඹෙත්ම, ජර්මන් ජාතිකයෙක් වූ, උන්වහන්සේගේ උපාධ්‍ය ඥානාලෝක හිමියන්, අත්අඩංගුවට පත් විය. මෙම කාලය වන විට උන්වහන්සේගේ සොහොයුරු සිකිම් පුන්නජි හිමියන් අපවත්ව සිටි බවක් පෙනෙන අතර,[2] රජය විසින් මහින්ද හිමියන් දෙවරක් සිර අඩස්සියේ ලන ලදි.[3]
උන්වහන්සේ පසු කලෙක සිකිම් මහින්ද ලෙසින් අමරපුර නිකායේ පැවිදි බව ලැබූ මුත් එස්. මහින්ද (ඇස්. මහින්ද)ලෙසින් සිය නම භාවිතා කල සේක. ටිබෙට් එස්. මහින්ද හිමියන් ප්‍රාචීන මධ්‍යම විභාගයන් ද සමත් වී ඇත. 1930 ජුනි 16 දින පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමි වෙතින් සියම් මහා නිකායේ පැවිදි භාවය ලබාගන්නා ලදී. තමන්වහන්සේ ටිබෙට් ජාතිකයෙක් ලෙසින් හඳුන්වාගන්නට ඇත්තේ, එම රට ආසියාවේ ප්‍රමුඛ බෞද්ධ රටක් ලෙස එකල ලංකාවේ ප්‍රසිද්ධව පැවතීම නිසා විය හැක. [2] 1934 සිට 1936 දක්වා එස්. මහින්ද හිමියෝ කොළඹ, ආනන්ද විද්‍යාලයේ ගුරුවරුයෙකුව සේවය කළහ.[4]
සාහිත්‍යමය කර්තව්‍යයන් සහ ජාතිකවාදය
ඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. උන්වහන්සේ පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත 'ඔවා මුතු දම වන අතර අවසන් පොත ලෙස 'ශ්‍රී පාද' විශ්වාස කෙරෙයි. [2] උන්වහන්සේ බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත. [5] [3] [2]ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති [6]
නිදහසේ දැහැන
නිදහසේ මන්ත්‍රය
ජාතික තොටිල්ල
අද ලක් මවගේ පුත්තු
විදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්
සිංහල ජාතිය
ලංකා මාතා
නිදහස
විකිපීඩියා කොපියකි

Переглядів: 155
Відео
කුමාරතුංග මුනිදාස ධීමතාණන් පිළිබඳ තොරතුරු බිඳක්
Переглядів 10828 днів тому
සැකසුම - චානක රුවන්සිරි හඬ කැවීම - වරුණී වගීෂා ,මප/නු/අප ස්වාමිදූගේ විදුහල (ද්විතීක අංශය)- 9 ශ්‍රේණිය
බුද්ධ ධර්මය O/L අනුමාන ප්‍රශ්න පත්‍රය 2021(2022)
Переглядів 2,2 тис.2 роки тому
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021
අ.පො.ස (සා.පෙළ) විභාගය- බුද්ධ ධර්මය. පුනරීක්ෂණ පාඩම් මාලාව - අංක 01
Переглядів 3503 роки тому
අ.පො.ස (සා.පෙළ) විභාගය- බුද්ධ ධර්මය. පුනරීක්ෂණ පාඩම් මාලාව - අංක 01
බුද්ධ ධර්මය - 11 ශ්‍රේණිය .15 පාඩම - බුදු බණ ඇසුරෙන් නීරෝගී දිවියක්
Переглядів 2823 роки тому
බුද්ධ ධර්මය - 11 ශ්‍රේණිය .15 පාඩම - බුදු බණ ඇසුරෙන් නීරෝගී දිවියක්
Supiri sir.....❤❤❤❤
Sir උගන්වන විදිහ නියමයි සර්
නියමයි සර්❤❤
Good job ❤
❤❤
❤
Highly recommend ❤
❤
❤
Good job 👊
❤
ජය වේවා🙏❤
❤
🖤💪
Good job ❤
❤️
😊😊😊
සර්ට පිං සර් මගෙ දරුවට එපා වෙලා හිටපු සිංහල විෂය කැමතිම විෂය කළේ චානක සර්....ගොඩක් පිං සර්
❤
Highly Recommend ❤
🤟
😇
මේකමනෙ ආවෙ ❤️
නැ
සර් මේකේ උත්තර පත්තරේ නැද්ද 🥺
සමහර ඒවාට උත්තර නැනේ දාල 🙄
Thank you godk me wele,
උත්තර දාන්නකෝ
සර්.........උත්තර පත්රේ දාන්නේ නැද්ද
mewage samaharak ewata answers dala nane
aththac cudda
👍
සර් මේ paper එකේ උත්තර පත්‍රය දාන්නකෝ...සර් 🙏
උත්තර ටික නැද්ද
❤❤❤❤❤
සර් පිලිතුරු පත්‍රය දාන්නකෝ
Thnk you sir
Thnk you sir🙏
🤩
සර් මේකේ උත්තර පත්තරේ නැද්ද 🥺
පුතේ අද හවසට Upload කරනවා..👍
@@චානකරුවන්සිරි ok සර්
👍👍
බොහෝම ස්තුතියි සර්... බුදු සරණයි සර් .. ❤
ස්තුතියි ....දෝණි
❤
ස්තුතියි
ස්තුතියි
සුබ පැතුම් සර්
ස්තුතියි
ස්තුතියි
ජයවේවා..
ජයවේවා ....!
💙