- 5
- 67 817
Rev,Deeyakaduwe Saranasiri
Приєднався 11 сер 2015
පොතක් එක්ක හිතක් සමඟින් දීයකඩුවේ සරණසිරි නාහිමි Pothak Ekka Hithak Three Vision TV
Three Vision TV ආයතනය මගින් දීයකඩුවේ සරණසිරි නාහිමියන් සමග පවත්වනු ලැබූ සාකච්ඡාව
Переглядів: 439
Відео
රැටියල කවි මඩුව - ratiyala kawi maduwa
Переглядів 23 тис.8 місяців тому
රැටියල කවි මඩුව - සංවාදය - පුජ්‍ය දීයකඩුවේ සරණසිරි නාහිමි සහ බුලත්සිංහල නෙත්මි යාපා කිවිඳිය - Rev Deeyakaduwe Saranasiri with Bulathsinhala Nethmi Yapa
ජය සිරි මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් වැඩමවීම jaya siri maha bo samindunge ankurayak wadamawima
Переглядів 1169 місяців тому
කුඩලිගම ක්ෂේත්රාරාම විහාරස්ථානයේ වැඩසිටි අවුරුදු 85ක් වයස් ව බෝධීන් වහන්සේ දිලීර ආසාදනයකින් අපවත් වී වදාළ බැවින් 2024 ජනවාරි 27 දින අනුරාධපුර ජය සිරි මය බෝ සමින්දුන්ගේ අංකුර බෝධීන්වහන්සේ නමක් වඩමවන ලදී.
බෝධීන්වහන්සේ ආදාහනය කිරීම - bodhinwahanse adahanaya kirima
Переглядів 699 місяців тому
කුඩලිගම ක්ෂේත්රාරාම විහාරස්ථානයේ වසර 85ක් වැඩසිටි බෝධින්වහන්සේ 2023 පෙබරවාරි මාසයේ දිලීර ආසාදනයකට ගොදුරු වුහ. 2023 අප්‍රේල් මාසයේ උන්වහන්සේ අපවත් වූහ. උන්වහන්සේගේ ශේෂ කොටස් අගව්රවයට හෝ අවභාවිතයට ලක්වීමට අවකාශ නොතබා ගව්රවණිය ලෙස ආදාහනය කිරීම අපේ බලාපොරොත්තුව විය. 2024 පෙබෙරවාරි 03 දින අපි උන්වහන්සේ මෙසේ ආදාහනය කළෙමු.
Piliganeema - Kudaligama kawimaduwa (පිළිගැනීම - කුඩලිගම කවිමඩුව)
Переглядів 44 тис.Рік тому
පිළිගැනීම - කුඩලිගම කවිමඩුව Piliganeema - Kudaligama kawimaduwa
Ape හාමුදුරුවෝ niyamai🙏
Apa hamuduruwantà Davi pihitai
හරිම රසවත් ආකාරයට පද ගලපා,එකම වචනයකුදු අරථවත් බවින් අඩුනොවී නිසියාකාරව ක්ෂනික ව ගලපා මේ දැක්වූ ප්රතිහාර්යය මහ ඉහළයි අපෙ හාමුදුරුවනේ.හොද හැකියාවක්.තව,තවත් ශක්තිය ලැබෙන්න ඕනා.දීර්ගායු වේවා...තෙරුවන් සරණයි.ඉතාලියේ සිට.
බුදුසරණයි අද් නෙත්මිගේ කටහඩ ටිකක් වෙනස් ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
මගෙ අතිතයෙ දුටු එ ගැමිආර තාමත් ගමෙිි තියෙනව දැක්කම සිතෙ සතුට නිමිිනැතිවුනා.එකල කවි විරුව හදෙහිටිය බොතලේගම සේන කවියාම තමයි.එ සල්පිල් යුගය අබියස විදි සතුට.
සැබෑම ලස්සන සන්වාදයක්...බුල්ත්සින්හල කීවිදිය අති විශිශ්ඨයි... මුලසුන...අන්තිමයි.
ව්සපිරි බදුන ඉවතට ඔබ අරගන්න දිව ඔසුවකින් අතුලත මදු පුරවන්න දෙවත්වය සමඟ ආදරයෙන් ඉන්න හදවත ඔබේ මුදු උයනක් කර ගන්න .වසා තිබෙන ද්රොරවල් ඔබ හරගන්න නිව්ලා තිබෙන පහනට ජිවය දෙන්න රවටිල්කාර මනසට හසු නොමවන්න අතුලත පරමොදය සතුටින් වි දගන්න .මායා වෙ දැලෙන් ඉවතට පනගන්න ගුරු උතුමගෙ ඔරු වට ඔබ ගොඩ වන්න .මාවත දුසකරය එනමුත් දැන ගන්න ඔහුගේ සුවඳ සමගින් ඔබ මුසු වන්න දෙවියන් අත්තෙ ඔහු තුළ බව දැන ගන්න මෙ ඉවුරේ න් එහා ඉවුරට පන ගන්න පොකුණ ක්නොව් දිය අල්ලක් ලෙස ඉන්න ඉමහත් සුවඳ දෙන පංකජයක් වන්න ...
අපෙ හාමුදුරුවන් වහන්සේ
May the triple gem bless...
අපේ හාමුදුරුවෝ 🙏🙏🙏
හාමුදුරුවනේ සුදුසුද අපේ සාසනයට
තෙරුවන් සරණයි .
👏👏
හරිම ලස්සනයි ,
හරිම ලස්සනයි.ක්ෂණික පද්ස් ගැලපීම විශිෂ්ටයි කිවිදියගෙත්,ස්වාමීන් වහන්සේගෙත්.හරිම අපූරුයි.තව තවත් ශක්තිය,dairya ලැබේවා රසපද ගොතන්නට.තෙරුවන් සරණයි..ඉතාලියේ සිට.
ලස්සනයි . මන් හැම එකක්ම බලනවා
සම මුලසුන වේයන්ගොඩ කපිල වික්‍රමරත්න මෙහි වැඩ සිටින්නේ ගරු හිමිවරුය අපේ සසරින් මිදෙනෙකයි කෙනෙකුගෙ පරම සැපේ බලමින් දියකඩුවෙ ගරු හිමි පිටත ඔපේ හනිකට දිව ඇවිත් නෙත්මිගෙ සිරුරෙ හැපේ දීයකඩුවේ සරණසිරි නාහිමි වයසෙදි කුඩා අතුරේ කඩපල ගාවා සුරතල් සිනා මට මතකයි ඔබ පෑවා කවි මඩුවෙහි අදත් මුහුණට හමුවූවා නෙත්මී ඔබට සුබ සැන්දෑන්ක් වේවා බුලත්සිංහල නෙත්මි යාපා සිහිවන විටත් එම මතකය සුවය ගෙනේ ඉන්පසු පොලිසියෙ ඇඳුමකි උරුම වුනේ දැන් පැන්සන්ය පසුවෙමි දිවි මගෙහි කොනේ අවසර, සරණසිරි ගරු හාමුදුරුවනේ දීයකඩුවේ සරණසිරි නාහිමි දැනගන්නට ලැබුණි දැන් පැන්සන් ය කියා ගිය වසරේ මමත් විස්රාමයට ගියා ජීවත්වෙන්න මුදලක් ගනු පිණිස සොයා පිටරට වත් යන්න සිතුවේ නැතිද ඔයා බුලත්සිංහල නෙත්මි යාපා ලෝකයෙ තියෙන හැම රටටම අසම සම සිරිලක් බිමයි හිමියනි මා ජනිත බිම පිහිටක් වන තුරා එයටම ඇතිව පෙම කීයටවත්ම මවුබිම හැර නොයමි මම දීයකඩුවේ සරණසිරි නාහිමි නෙත්මී ඔබේ එම අදහස බොහොම වටී එනමුත් සිතිය යුතු මුදලක් ලැබෙන හැටී අඟනක් නිසා ඔබ පෙර පොලිසියෙහි සිටී නරකද ජොබ් එකක් බැලූුවොත් සිකියුරිටී බුලත්සිංහල නෙත්මි යාපා නිල ඇඳුමට මගේ දිවියම ගෙවුව සරූ දිවිහිමියෙන්ම සමිඳුනි මම කරමි ගරූ රැක්කා කලක් රට අනුභව කරන හොරූ ආයෙත් ඒක නොකරමි දිවි තිබෙන තුරූ දීයකඩුවේ සරණසිරි නාහිමි ඔබ කිවු දෙයට මගෙ සිතුවිලි විදුලි කෙටේ පිළිතුරු සොයා යයි මගෙ සිත හතර වටේ නොකියනු මුසා එනු ඇත හොරි බිබිළි කටේ ඔය කියනා තරම් හොරු ඉන්නවද රටේ බුලත්සිංහල නෙත්මි යාපා සමිඳුට නොමැත රට තොට පිළිබඳ දැනුම හිමිවරු සිතයි පන්සල්වල වැඩ ගැනම නම් ගම් කියන්නට මට බැහැ වෙන වෙනම රට කන හොරු තමයි ඉන්නේ හැම තැනම දීයකඩුවේ සරණසිරි නාහිමි කරනා කෙනෙකි මම කෙලෙසුන් හා යුද්ද රට තොට ගැන දැනුමෙ ඇත පොඩි අඩුවක්ද බැරි නම් සෙකියුරිටි නොමැතිව වැඩි සද්ද බේකරියක වැඩට ගියොතින් හොඳ නැද්ද බුලත්සිංහල නෙත්මි යාපා ගරු හිමි සඳුනි, මම දැනටත් මහත වැඞී ලස්සන ඇඳුම්වල යනු ඇත මැහුම කැඞී පිටි මෝලිය අනාගන්නත් නොමැත රෙඞී බේකරි නම් නොයමි තැබුවත් හිසට වෙඞී දීයකඩුවේ සරණසිරි නාහිමි හොඳ මිහිරක් තිබේ එතනදි ලැබෙන රහෙත් අකමැතිම නම් ඔබ නොම යා යුතුය එහෙත් ගරු සැලකුම් ලබාගන්නට ගියද කොහෙත් නරකද ගෙන්නුවොත් ප්‍රමිතිය නොමැති බෙහෙත් බුලත්සිංහල නෙත්මි යාපා කල්පැන ගිය බෙහෙත් මුදලට ගෙනා යුගේ ඒවායිනුත් වැජඹිය හැක රජා වගේ ඒවා වැඩය අර කාගෙද පුතාලගේ ඒවා වැඩය හදවත නැති එකාලගේ අයියෝ ඒක බල්ලටවත් එපා මගේ දීයකඩුවේ සරණසිරි නාහිමි හිර ගෙදරදිත් ඒ අය සැප ම ය වින්දේ මම නොදනිමි ඔබට බැරි දේ පුළුවන් දේ ඉපයිය හැක ඩොලර් සිටියදි වුව නින්දේ මන්තිරි කෙනෙක් වෙනවද ඉල්ලල චන්දේ බුලත්සිංහල නෙත්මි යාපා චන්දය අරන් මහ ජනයා මුළා කොට ඉන්තේරුවෙන් මට යා හැක අපායට මම නැහැ කැමති ලෝ දිය මැද පැසීමට මන්ත්‍රී කමක් කොහොමට වත් එපා මට දීයකඩුවේ සරණසිරි නාහිමි මොන යෝජනා කෙරුවත් ඔක්කොම වහ ලූ නොමදෙයි ඇහුම්කන් උපදෙසකට යහළු ජීවත්වෙන්න ඇත්තෙත් තව ටික දොහලූ යනු මැන එහෙමනම් මඩමක් වෙත මහළු බුලත්සිංහල නෙත්මි යාපා පැන්සන් ගියත් මම එතරම් මහළු නොවේ එනමුදු දනිමි මෙම අනියත ගතිය ලොවේ මෙලොවෙදි පරලොවදි දෙලොවම සදන සුවේ සමිඳුනි, මහණ වෙන්නට මගෙ මනස නැවේ දීයකඩුවේ සරණසිරි නාහිමි කුමන රැකියා කළත් සැප තාවකාලිකයි ලැබෙන දේ කොයි වෙලේ නැති වේවිදෝ සැකයි අපේ දිවි ගෙවෙන්නේ අනිස්තිර ලෝකෙකයි මහණ වෙන එක හොඳයි, සැප සදාකාලිකයි බුලත්සිංහල නෙත්මි යාපා මට වඩා ගරු සමිඳු බුදු දහම ගැන දනී පිළිගනිමි එම වදන මගෙ සිරස නමමිනී බණ සමග රස කවිත් අහගන්න පුළුවනී කුඩලිගම පන්සලේ මහණ වෙමි හිමියනී දීයකඩුවේ සරණසිරි නාහිමි පින්වතුන් පන්සලට දානය අරන් එනවා දවස් ගානේ ගල් ගහයි ඒගොල්ලො අපහට දඬුවමක් ලෙස පකිස්තානේ තව ඇබිත්තක් කලක් ජීවත්වෙලා ඉන්නයි මටත් ඕනේ වෙන කොහේ හරි පන්සලක් ඔබ හොයාගනු මැන පොලිස් නෝනේ බුලත්සිංහල නෙත්මි යාපා රසක් දෙන්නට රසික ඔබහට කවි මඩුවෙ දැම්මට කචල් දොසක් පවසා සංඝරත්නෙට සසර නොම කරගමි අවුල් පසක් කරගෙන මහා සඟ ගණ සොබන හොබවන ගුණ විසල් දොසක් වුනි නම් සමා ඉල්ලා වඳිමි හිමි සඳු පා කමල්
කොහෙන් හොයා gatte me camera karraya
සරසවි කුඩලිගම දෙවනක් කරනු පෙනේ. සුන්දර දසුන දුටු විට හද සතුට දැනේ. මහ තෙර නමකි රට සුපතළ ඉහළ ගනේ. නරකද රැවුල බෑවොත් හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. .........! .
අනේ අපේ හාමුදුරුවන්ගේ කවි බණ හරිම ලස්සනයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ
මටත් එම කවි මුවට ආරාධනා කළත් බලන්නවත් එන්න නොලැබීම ගැන දුක්වෙමි. මේ හාමුදුරුවෝ හරි සුන්දරයි. පොතකුත් ලියලා තියෙනවා යාං හෑල්ල කියල හැකිනම් බලන්න. computer වැඩටත් හරි ඉහලයි. බොහොම පිං අපෙ හාමුදුවනේ.නමස්කාර වේවා!
බණ භාවනා සිරි සම්බුදු වදනක් ය හෙළ බස එයින් බට පිරිපුන් කවියක් ය හිටිවන කවිය ඒ මැද හෙළ ඔසුවක් ය හිමියනි ඔබත් සරසවි රජ කිරුලක් ය
කවදා හරි මමත් මේ ලෙසින් කවියෙන් කතාවක් කරනවාමයි.
kawiyath banak bawanawakma tamai garu samidune
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Kaalekin dakke ape haamuduro
තෙරැවන්සරනයී
Amathaka nowe mata H M Kudali gama
හඩ මෙන්ම අංග චල නයද එකට මුසුකර ඉදිරිපත් කිරිම ඉතාමත් රසවත් අපෙ හාමුදුරැවනේ.ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව මෙන්ම චිරජීවනයද පතමි.එදා යුද බිමෙ කටුක අද්දැකිමි සිහිවන අපට මහත් සහනයකි මෙවන් කවි.
ගොඩාක් දවසකින්.කටහඩ ඇහුවෙ.හරිම රසවත්. දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .
ආදර බරයි හිමි ඔබෙගේ පද පේලී.. ආඩම්බරයි හිමි ඔබගේ සැරසීලී.. ආ මග සුභයි යන මගටත් සුභ වේවී.. ආසිරි පතමි හිමි ඔබ හට මා පේවී..
උන්වහන්සේ කෙනෙක් වෙනකොට කියන කතා හැම දෙයක් ම දේශනාවක් වෙන්න ඕන. බුද්ධ දේශනාවක් and බුදුන්වහන්සේගේ දේශනාවේ ප්‍රධාන දේවල් සසර දුකින් මිදීමට හේතුවනද දේ අන්තර්ගත වෙන්න ඕන. එතකොට අසන්නන් සියල්ලම එයා එකඟ වෙනවා. දේශපාලන යට ගියාම බලුබැණුම් අහන්න වෙනවා. ඒක හාමුදුරුවෝ කෙනෙකුට ගැලපෙන්නෙ නෑ. එහෙම නැත්නම් ඒක සංඝ ටෝක් එකක් පමණි.
මේක දේසපාලන වේදිකාවක්් නොවෙයි කවි මඬුවක් උන් වහන්සෙගෙ ගමේ ම කවි ටිකඅහලා විවේචනය කළා නම් තමා හොඳ දැක්ක පමණින් අදහස් දැක්්වෟම වැරදිි
apa hamuduruwan saha samata siyalu davi pihitai... ❤️❤️❤️❤️❤️❤️
අද ඇසෙනවා රෑ එලිවෙනතුරුම කවී තාලය කවිද සින්දුද නොම වැට හේවි සිතමින් ගලපමින් හිටිවන කවි පේවි ඇසු දෙසවනට අමතක නම් නොම වේවි.....
හරිම ලස්සනයි..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..සුඛී දීගායුකො භව.
Ane hodai hamuduruwane ithuru tikath daanna
Sriya Hindurangala youTube චැනල් එකේ කොටස් හතරකින් මුළු කවි මඬුවම තියෙනවා
Ko ituru tika
Ane ko ituru tiks
sriya hindurangala youTube චැනල් එකේ කොටස් හතරකට මුළුකවිමඬුවම තියෙනවා සස්ක්‍රයිබ් කරල එකතු වෙන්න
Daksai hamuduruvane
Mara hamuduruwo pin
Good 👍👍👍😊👍
තෙරුවන්සරණ ගරු හිමියනි කවිකමට ,
💖💖💖
තෙරුවන් සරණයි හැමෝටම
බොහොම පිං අපෙ හාමුදුරුවනේ
මේ දේශපාලන වේදිකාවල කතා කරන හාමුදුරුවරුන්ට ධර්මාවබෝධයක් නෑ. උන්වහන්සේගේ බුද්ධ පණිවිඩයේ දන්නවා නම් දේශපාලනයට බහින්න නෑ. ඒ චීවරධාරීන් ට පමණක් ය
@@nimalkankanilokuge9861ññ just